Amarasinghe Prime Enterprises Logo

Amarasinghe Prime Enterprises

Your trusted Japanese automobile partner in Sri Lanka
Home Blog Shipping Schedule About Us Contact Us
Call Now WhatsApp Facebook Email
← Back to Blog

වාහන ලෝකයේ තාක්ෂණය හරියටම දැනගමු: Petrol සිට Hybrid සහ Electric දක්වා

📅 August 16, 2025 👤 By Amarasinghe Prime Enterprises

බොහෝ දෙනා වාහනයක් මිලදී ගැනීමේදී "Hybrid" යන වචනය දුටු පමණින් එය ඉන්ධන ඉතිරි කරන බව සිතති. නමුත් Hybrid තාක්ෂණයේ ප්‍රභේද ගණනාවක් ඇත. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනය තෝරා ගැනීමට නම්, බොනට් එක යට සිදුවන මෙම තාක්ෂණික ක්‍රියාවලිය ගැන නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි.

Vehicle Engine Technology Comparison - වාහන එන්ජින් තාක්ෂණය Figure 1: මෝටර් රථ තාක්ෂණයේ පරිණාමය

1. සාමාන්‍ය පෙට්‍රල්/ඩීසල් එන්ජින් (Internal Combustion Engine - ICE)

අප කවුරුත් හොඳින් දන්නා සාම්ප්‍රදායික තාක්ෂණයයි. (උදා: Toyota Vitz, Suzuki Alto (India), Land Cruiser)

2. මයිල්ඩ් හයිබ්‍රිඩ් (Mild Hybrid - MHEV / SHVS)

බොහෝ දෙනා රැවටෙන තාක්ෂණයකි. "Hybrid" ලාංඡනය තිබුණද මෙය පූර්ණ හයිබ්‍රිඩ් රථයක් නොවේ. (උදා: Suzuki Wagon R FZ/Stingray, Suzuki Swift RS)

3. සාම්ප්‍රදායික හයිබ්‍රිඩ් (Full Hybrid / HEV)

ලංකාවේ බහුලවම භාවිතා වන තාක්ෂණයයි. (උදා: Toyota Aqua, Toyota Prius, Honda Fit/Vezel)

4. ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (Plug-in Hybrid - PHEV)

මෙය Hybrid සහ Electric වාහන අතර මැද පාලමයි. (උදා: Mitsubishi Outlander PHEV, Toyota Prius Prime)

5. සීරීස් හයිබ්‍රිඩ් (Series Hybrid / e-Smart / e-Power)

මෑතකදී ජනප්‍රිය වූ Daihatsu Rocky සහ Nissan e-Power තාක්ෂණයයි. මෙය තාක්ෂණිකව අනෙක් සියල්ලටම වඩා වෙනස්ය.

6. පූර්ණ විද්‍යුත් වාහන (Battery Electric Vehicle - BEV)

අනාගතය මෙයයි. (උදා: Nissan Leaf, Tesla Model 3)

තාක්ෂණික සැසඳීම් වගුව (Technical Comparison Chart)

වාහන වර්ගය බලශක්තිය රෝද කරකවන්නේ EV Mode Plug-in
Petrol (ICE)
Vitz/Alto
පෙට්‍රල් පමණයි එන්ජිමෙන් නැත බැහැ
Mild Hybrid
WagonR/Suzuki
පෙට්‍රල් (කුඩා බැටරියක්) එන්ජිමෙන් නැත (Start/Stop පමණයි) බැහැ
Full Hybrid
Aqua/Prius
පෙට්‍රල් එන්ජිම + මෝටරය කෙටි දුරක් පමණයි බැහැ (Self-Charging)
Series Hybrid
Raize/Rocky
පෙට්‍රල් (විදුලිය නිප්දවීමට) 100% මෝටරයෙන් සැමවිටම යන්නේ මෝටරයෙන් බැහැ
Plug-in Hybrid (PHEV)
Outlander
විදුලිය + පෙට්‍රල් මෝටරය (එන්ජිම සහයට) කි.මී 40-60 දුරක් පුළුවන්
Electric (BEV)
Leaf/Tesla
විදුලිය පමණයි 100% මෝටරයෙන් සැමවිටම අනිවාර්යයි

Amarasinghe Prime Enterprises පාරිභෝගිකයින් සඳහා විශේෂ සටහන

ඔබ වාහනයක් තෝරා ගැනීමේදී ඔබගේ දෛනික ධාවන රටාව (Daily Running) ගැන සිතන්න.

  • නගරයේ නිතර ධාවනය කරන්නේ නම්: Series Hybrid (Raize/Rocky) හෝ Full Hybrid/HEV ඉතා වාසිදායකයි.
  • නිවසේ Solar තිබේ නම් සහ දිනකට කි.මී 100ට අඩුවෙන් දුවන්නේ නම්: Electric හෝ PHEV මගින් ඔබේ ගමන් වියදම බිංදුවටම අඩු කරගත හැක.

ඔබට ගැලපෙන හොඳම වාහනය ආනයනය කර ගැනීමට අදම අපව අමතන්න.

Contact Amarasinghe Prime Enterprises

ජපානයෙන් ගෙන්වන වාහනයක් ගැන 100% විශ්වාසය තබාගත හැකි, විනිවිදභාවයෙන් යුතු සේවාවක් සඳහා අප හා සම්බන්ධ වන්න.

ඔබේ වාහනයේ බදු මුදල ගණනය කරගන්න

නව 2026 බදු ප්‍රතිපත්ති අනුව වාහනයක වටිනාකම දැනගන්න.

Calculate Tax Now